Friday, April 26, 2024

General line - 0115112241

වැඩිවූ රථවාහන දඩ ගැන ප‍්‍රවාහන ඇමති කතා කරයි




රථවාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් නිසි පරිදි රිය ධාවනය කරන රියදුරන් බියවිය යුතු නැතැයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා.

රියදුරන් සිදු කරන වැරදි 10ක් සම්බන්ධයෙන් වන දඩ මුදල් සංශෝධනය කිරීමට ඉකුත් දා කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.