Saturday, April 27, 2024

General line - 0115112241

අමරවීර දේශපාලන තීන්දුවක් ගනියි - ශ්‍රීලනිපය හැර යයි ?

සමන්ත කුමාර




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වනවා.

බොහෝ දුරට ඉදිරි සතියේදී මන්තී‍්‍රවරයා එම තීරණය ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා. එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ වර්තමාන කි‍්‍රයාකලාපයන් සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා කලකිරීමට පත්ව සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

පසුගිය කාලසීමාව තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයින්ගේ රැස්වීම්වලදීද ඔහු පක්‍ෂ කි‍්‍රයාකාරීත්වයේ පවතින ඇතැම් අඩුපාඩු පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඔහු බොහෝ දුරට මන්තී‍්‍රවරයෙකු ලෙස ස්වාධීනවීමේ තීරණයක් ගනු ඇති බවට නිල නොවන වාර්තා පවසනවා.