Saturday, April 27, 2024

General line - 0115112241

ඇමතිවරුන් කොකේන් භාවිතා කරද්දී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලන්නේ කොහොමද? - විපක්ෂ නායක

සමන්ත කුමාර




කොකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින ආණ්ඩුවක් පවතින්නේ නම් එවැනි ආණ්ඩුවක් මත්ද්‍රව්‍ය මර්ධනය කරන්නේ කෙසේදැයි ගැටලූ සහගත බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල කාල්ටන් නිවසේ අද (19) පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

බිංගිරියේ පැවැති උත්සවයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කළා.

මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් නැගූ ප‍්‍රශ්ණවලට අමාත්‍යවරුන් වන පී හැරිසන් සහ ගයන්ත කරුණාතිලක ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.