Friday, April 26, 2024

General line - 0115112241

අමාත්‍ය රන්ජන් රාමණායක රුධිර පරීක්ෂණයක් සිදුකරයි : රුධිර වාර්තාව මෙන්න

දිනුක් හේවාවිතාරණ




කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සිටීද යන්න සොයාබැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ විශේෂ කමිටුව හමුවට ගොස් මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය රන්ජන් රාමනායක අද (22) විශේෂ ප‍්‍රකාශයක් ලබා දී තිබෙනවා.

කමිටුව හමුවේ සිය ප‍්‍රකාශය ලබාදීමෙන් අනතුරුව තමන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න ගැන තහවුරු කරගැනීමේ රුධිර පරීක්‍ෂාවක් කරගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලට ගිය රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එම පරික්ෂාව සඳහා සිය රුධිර සහ මුත‍්‍රා සාම්පලයක් ලබාදී ඇත.

මෙම පරීක්‍ෂණය මගින් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය 11 ක් ගත වූ මාස තුනක් තුළ භාවිතා කර ඇත්ද  යන්න තහවුරු කරගත හැකි බව අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කර සිටියා.

අමාත්‍යවරයා විසින් සිදුකරන ලද රුධිර පරීක්ෂණ වාර්තාව පහතින් දැක්වේ.