Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් "යු ආර් අ ලීඩර්" 38 වන පුහුණු වැඩසටහන සාර්ථකව නිමා වෙයි

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුර අද (24) අවසන් වුණා. මේ, ඊට එක්වූ දරුදැරියන් කිහිපදෙනෙක්. 

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව මෙලෙස සංවිධාන කරන්නේ යූ ආර් අ ලීඩර් වැඩසටහනේ 38 වැන්නයි. 

 

.............................................................

"නෙත් යූ ආර් අ ලීඩර්  ක්‍රියාකාරකම් තුළින් දරුවන් ලබන අත්දැකීම් ජීවිත කාලයටම වැදගත් වෙයි' - බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ විදුහල්පති කියයි

(24-02-2019 08:14)

යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනට සහභාගී වී සිටින බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ දරු දැරියන් මේ වනවිටත් විවිධ ක‍්‍රියාකාරකම්වල යෙදී සිටිනවා.

ඔවුන් ඊයේ (23) රාත‍්‍රී විචිත‍්‍රවත් ගිනිමැල සංදර්ශනයක අත්දැකීම ද ලැබුවා.

එහිදී අදහස් දැක්වූ බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ විදුහල්පති අතුල හේමන්ත එදිරිවික‍්‍රම කියා සිටියේ මෙහිදී දරුවන් ලබන අත්දැකීම් සියල්ල ඔවුන්ගේ ජීවිත කාලයටම වැදගත් වෙනු ඇති බවයි. අද දරුවන් විශාල පීඩනයකින් වෙලී සමාජගත වී ඇති තත්ත්වයක මෙවැනි වැඩමුළු දරුවන් වෙනුවෙන් වැඩි වැඩියෙන් අවශ්‍ය වී ඇති බවද පෙන්වා දුන්නා.

බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ මෙලෙස පැවැත්වෙන්නේ යු ආර් අ ලීඩර් වැඩසටහනේ 38 වැන්නයි. නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව යු ආර් අ ලීඩර් වැඩසටහන සංවිධාන කෙරෙනවා.

ලංකා බැංකුවේ දකුණු පළාත් සහකාර මහ කළමනාකාරිණි ඞී. ආර්. සී. එස්. උයද කුමාරි සඳහන් කළේ ලංකා බැංකුවේ අරමුණද අනාගත දූ දරුවන් රටට වැඩදායී පුද්ගලයින් ලෙස නිර්මාණය කිරීම බවයි. ලංකා බැංකුව දරුවන්ට ඉතිරි කරන්නට කියා දෙන අතරම මෙවැනි වැඩසටහන් තුළින් ජීවිත කළමණාකරණය කර ගැනීමටද මග පෙන්වන්නට ලැබීම වඩාත් අගය කොට සළකන බවද පෙන්වා දුන්නා.. 

අද, බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ පැවැත්වෙන යු ආර් අ ලීඩර් වැඩසටහනේ 03 වන දිනයයි.

-----------------------------------

 

නෙත් එෆ් එම් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සැසියේදී සිසු ක්‍රියාකාරකම් රැසක් (UPDATE)

(23-02-2019 19:14)

 

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන 38 වැන්න බෙලිඅත්ත රුහුණුු විජයබා විද්‍යාලයේදි පැවැත්වෙනවා. 

වැඩසටහනට එක්ව සිටින සිසු දරු දැරියන් අද දිනයේත් ක‍්‍රියාකාරකම් රැසකට එක්වුණා. මේ, එහිදී ලද අත්දැකීම් පිළිබඳ සිසුන් පළ කළ අදහස්.  

...................................................

යු ආර් අ ලීඩර් බෙලිඅත්තේදී සාර්ථකව පැවැත්වේ (UPDATE)

(23-02-2019 07:11)

බෙලිඅත්ත රුහුණුු විජයබා විද්‍යාලයේ පැවැත්වෙන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය අදයි. කදවුරුගතව පුහුණුව ලබන දරු දැරියන් මේ වනවිට ශාරීරික අභ්‍යාසවල යෙදී සිටිනවා. යූ ආර් අ ලීඩර් වැඩසටහන සංවිධාන කෙරෙන්නේ නෙත් නිවුස් සහ ලංකා බැංකුවේ සහයෝගයෙන්. මේ, ලංකා බැංකුව ප‍්‍රධාන කාර්යාලයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය මහා කළමණාකාර විපුල ජයබාහු.

 

දරුදැරියන් සදහා මෙන්ම මව්පියන් සදහාද යූ ආර් අ ලීඩර් වැඩසටහනේදී පුහුණු සැසි පැවැත්වෙනවා. ඊයේ පැවති එම පුහුණු සැසි සදහා සහභාගි වූ මව්පියන් කිහිප දෙනෙක් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

 

ඊයේ දිනයේ කි‍්‍රයාකරම් අවසන් වූයේ කොන්දේසි විරහිත ආදරය රස වින්දනාත්මක වැඩසටහනින් අනතුරුවයි.