Friday, April 26, 2024

General line - 0115112241

විපක්‍ෂයේ නව සන්ධානයේ ලකුණ ගැන තවදුරටත් සංවාද.

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න





ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීමට වඩාත් සුදුසු වන්නේ ජනාධිපතිවරණයකදි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පවසනවා. මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය තනිව ජය ගැනීමට පොදුජන පෙරමුණට හැකියාව ඇති බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ. ඉදිරි මැතිවරණ ජය ගැනීමට නම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂ විරෝධී සෙසු පාර්ශව සමග එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ඊයේ ප‍්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කිසිදු පාර්ශවයක කොන්දේසිවලට එකඟ වීමේ අවශ්‍යතාවක් නොමැති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග වැඩිදුරටත් පෙන්වා දුන්නා.

 

මේ අතර ජනාධිපතිවරයා සහ විපක්‍ෂ නායකවරයා අතර ඊයේ රාති‍්‍ර පැවති සාකච්ඡුාවකින් අනතුරුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පැවසුවේ නව ලකුණක් සහ නව සන්ධානයක් බිහි කිරීමට දෙපාර්ශවය එකඟ වූ බවයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පළ කළේ මෙවන් අදහසක්.