Friday, April 26, 2024

General line - 0115112241

පොහොට්ටුවෙන් හා ශ‍්‍රිලනිපයෙන් ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ

අරුණ කැළුම් / කසුන් කැලූම්




ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කර ඇති රටට අහිතකර වැඩපිළිවෙලට එරෙහිව උද්ඝෝෂණ සංවිධාන කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර ඊයේ (23) පැවති සාකච්ජාවකදීයි. 

මෙහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්තේ දී මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නවලට මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා. 

ඊයේ පැවති මෙම සාකච්ජාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ද මාතර ප‍්‍රදේශයේ දී අද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ නව සන්ධානයේ ලාංඡනය හෝ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබඳ මෙහිදී කිසිදු තීන්දුවක් නොගත් බවයි.