Friday, April 26, 2024

General line - 0115112241

මල් වගාව අස්සේ ගංජා වගාවක් - අතු රිකිලි බද්ධ කරමින් පැළ වගා කරලා (PHOTOS)

ජූඩ් සමන්ත




මල් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා ජාවාරමක් වැටලීම මාරවිල පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

ඊයේ (25) සවස නාත්තන්ඩිය - පනන්ගොඩ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අක්කර 48 ක් විශාල පොල් ඉඩමක් තුළ මල් වගාවක් සිදු කරන මුවාවෙන් මෙම ගංජා වගාව සිදු කර තිබුණා. එම ස්ථානයේ තිබී හොඳින් වැඩුණු ගංජා පැල 1100 ක් තම බාරයට ගෙන ඇති බවයි මාරවිල පොලීසියේ නිලධාරීන් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සාමාන්‍යයෙන් ගංජා පැළ ලබා ගන්නේ බීජ රෝපණය තුළින් උවත් සැකකරුවන් මෙහිදී අතු රිකිලි බද්ධ කර පැල ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් හෙළිව තිබෙනවා.

සැකකරුවන් අදාල ඉඩම පළතුරු වගා කිරීම සදහා යැයි පවසා බදු පදනමක් මත ලබා ගෙන ඇති බවද හෙළිව තිබෙනවා.

එම ස්ථානයේ තිබී ගංජා පානය කිරීම සදහා සැකකරුවන් විසින්ම සකස් කරන ලද විශේෂ උපකරණයක්ද පොලිස් බාරයට ගත්තා.