Friday, April 26, 2024

General line - 0115112241

ට‍්‍රම්ප් - කිම් වියට්නාමයේ දී හමු වෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර ඓතිහාසික දෙවන හමුව අද (27) සිදු වුණා.

ඒ, වියට්නාමයේ හැනෝයි නුවර පිහිටි මෙට්‍රොපෝල් හෝටලයේදියි. එහිදි නායකයින් දෙපල අතට අත දෙමින් මිත‍්‍රත්වයෙන් යුතුව එකිනෙකා පිළගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විදෙස් මාධ්‍යවේදින් 2600ක් පමණ මෙම අවස්ථාව ආවරණය කිරිමට මෙට්‍රොපෝල් හෝටලය වෙත පැමිණ සිටියා. එහිදි මාධ්‍ය හමුවේ සුලූ වේලාවක් පෙනි සිටි නායකයින් දෙපල පසුව විනාඩි 20කට අධික කාලයක් මුහුණට මුහුණ සාකච්ඡාවල නිරත වි තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට‍්‍රම්ප් එහිදි පවසා ඇත්තේ උතුරු කොරියාව න්‍යෂ්ටික හරණය කිරිමට යන ගමන යළි පසු පසට නොයනු ඇති බවයි. එමෙන්ම මෙවර සාකච්ඡා ඉතා සාර්ථක වනු ඇතැයි ද ජනාධිපති ට‍්‍රම්ප් පැවසු බව විදෙස් වාර්තාවල සදහන්. මෙම සාකච්ඡා අතිශය සාර්ථක වනු ඇතැයි උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ද විශ්වාසය පළ කළා.

මුහුණට මුහුණ හමුවෙන් පසුව නායකයින් දෙපල විශේෂ භෝජන සංග‍්‍රහයකටද එක්ව තිබෙනවා. 

මේ අතර නායකයින් දෙපල හෙට දිනයේදී ද ද්විපාර්ශවික සාකච්ඡා සදහා එක්විමට නියමිත නමුත් ඔවුන් හමුවන ස්ථානයක් මෙතෙක් අනාවරණ කර නැහැ.