Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට යළිත් ICC පුර්ණ සාමාජිකත්වය

කසුන් කැලුම්




අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය යළි ශ‍්‍රී ලංකාවට හිමිවූ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු පවසන්නේ ඩුබායිහිදී අද (02) පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමකට තමන් සහභාගී වූ බවයි. 

මාස 09ක කාලයක් පුරා නිරීක්ෂක මට්ටමට ඇද වැටී සිටි ශ‍්‍රී  ලංකා කි‍්‍රකට් ආයතනය නැවත වරක් අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව සතුටින් ප‍්‍රකාශ කරන බව ද කි‍්‍රකට් සභාපතිවරයා සිට ට්විටර් පණිවුඩයේ දක්වා තිබෙනවා. කි‍්‍රකට් නිලවරණය කල්යාම හේතුවෙන් එම කවුන්සිලයෙන් ශ‍්‍රී ලංකාවට හිමිවිය යුතු මුදල් නොලැබුණු අතර ඒ පිළිබඳව ද ඩුබායිහි පැවැත්වෙන මෙම රැස්වීමේදී සාකච්ජා කෙරෙනු ඇති.