Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයෙන් ගැලවෙන්න බැරි වෙයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 113කින් ජය ගැනීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ඊයේ (06) රාත‍්‍රියේ සමත් වුණා.

සෙන්චූරියන්හි දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දුවාර 45යි එක් පන්දුවක දී සියලූ දෙනා දැවී ලකුණු 251ක් රැස් කළා.

ක්වින්ටන් ඞී කොක් ලකුණු 94යි. පන්දු යැවීමේ දී තිසර පෙරේරා ලකුණු 26කට කඩුලු 03ක් බිඳ හෙළුවා. 

ලකුණු 252ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා පිළට පන්දුවාර 32යි පන්දු 2ක දී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.  ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 31යි. පන්දු යැවීමේ දී කගිසෝ රබාඩා ලකුණු 43කට කඩුලූ 03ක් දවා ගත්තා.

ඒ අනුව තරග පහකින් සමන්විත දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙකට බිංදුවක් ලෙස දකුණු අප‍්‍රිකාව පෙරමුණේ පසුවනවා.