Friday, April 26, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට එරෙහි අද තරගයේදී ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ "හිස් වැසුම" වෙනස් වූ හේතුව (VIDEO)

දිනුක් හේවාවිතාරණ




රන්චිහිදී අද (08) පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවන එක්දින තරගයේදී ඉන්දීය කණ්ඩායම යුධ හමුදා හිස් වැසුම් පැළද ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා. පෙබරවාරි මාසයේදී පුල්වාමා හිදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ආරක්ෂක හමුදා සෙබළුන්ට උපහාර පිණිස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බවයි එරට ක්‍රිකට් පාළක මණ්ඩලය සඳහන් කරන්නේ.

යුද්ධයෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් පවත්වාගෙන යන අරමුදලට මුදල් එකතු කර ගැනීමේ අරමුණින් සහ ඒ සඳහා ජනතාව තුල උනන්දුවක් ඇති කිරීමට අප බලාපොරොත්තු වනවා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම රට වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට සිය ප්‍රණාමය පුදකරනවා යැයි ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

තරගය ආරම්භයට පෙර හිටපු නායක කර්නල් මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරේ යුධ හමුදා හිස් වැසුම් බෙදා දෙනු ලැබුවා.