Friday, April 26, 2024

General line - 0115112241

බම්බලපිටිය ඩිෆෙන්ඩර් අනතුර ගැන ෆේස්බුක් සටහන් තැබූ 15ක් අධිකරණයට කැදවයි




බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට මරු කැදවමින් සිදුවූ ඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඇතමුන් පළ කරන අදහස් සත්‍යයෙන් තොර බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. එවැනි අසත්‍ය තොරතුරු පළ කරන පුද්ගලයින්ද ඉදිරියේදී සාක්‍ෂි ලබාගැනීම සදහා අධිකරණය හමුවට කැදවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියාසිටියේ. පොලිස් මූලස්ථානයේ අද (10) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා. 

අදාළ අනතුර සම්බන්ධයෙන් දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයා ඩිෆෙන්ඩර් රථය පැදවූ බවට වීඩියෝ සාක්‍ෂිද පවතින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර ඩිෆෙන්ඩර් අනතුරෙන් මියගිය බොරැුල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ හිටපු ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍රගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව හෙට (11) පස්වරු 4 ට සිදු කෙරෙනවා. ඒ, බොරැල්ල කනත්තේදීයි.