Saturday, April 27, 2024

General line - 0115112241

බැසිල්ගේ නඩුවක් ජූලි 18ට කල්යයි

අධිකරණ වාර්තාකරු




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක වැඩිදුර සාක්‍ෂි විභාගය ජූලි මස 18 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළා.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලින් රුපියල් මිලියන 2,991 ක් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් අඩු ආදායම්ලාභීන්ට සෙවිලි තහඩු බෙදාදීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව ගොණුකර තිබෙනවා.

නඩුව මෙහෙයවන රජයේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් නඩුවක පෙනී සිටින බැවින් එම නඩුව වෙනත් දිනයක විභාගයට ගන්නා ලෙසයි එහිදී ඉල්ලීමක් කෙරුණේ. එම නඩුව කැදවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ හමුවේයි.