Tuesday, March 19, 2024

General line - 0115112241

ක්‍රිකට් නිසා පාර්ලිමේන්තුවේ ඇමතිවරු මන්ත්‍රිවරු උණුසුම් වාදවිවාදයක

දිල්ශාන් තුෂාර




ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් කී‍්‍රඩකයින් තරග පාවාදුන් බවට මෙතෙක් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් තහවුරු කර නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

ඒ, විදුලි සංදේශ, විදේශ රැකියා සහ කී‍්‍රඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.

විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියා සිටියේ අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස එක් පුද්ගලයෙකුට වෙනම විශය ලබාදිය යුතු බවයි.

කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු විවාදයේදී අදහස් පළ කළා. එහිදී සඳහන් කළේ "ජාතික තරග සඳහා සහභාගී නොවන කිසිම ක්ලබ් එකකට ජන්දයක් ලබා දෙන්නට අවස්ථාව නොදී සිටීමට අප්‍රේල් මාසයේ සිට අනිවාර්යය කරනවා." යනුවෙනි.

මේ, විවාදයට එක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග පෙන්වා දුන්නේ ක්‍රිකට් මාෆියාව ක්‍රිකට් භාර ඇමතිවරුන්ටත් පහර ගහන තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.

අමාත්‍ය අර්ජුන රණතුංග කළ ප‍්‍රකාශයට පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා. එහිදී "උඩ බලාගෙන කෙල ගහගන්න එපා..අපිම කියනවා අපි හොරයි කියලා. නමුත් එක පරීක්ෂණයකින් අපි වැරදි වැඩක් කරලා තියෙනවා කියලා ඔප්පු වෙලා නෑ. අයියලා මල්ලිලා මිටි පිටින් ඇවිත් ක්‍රිකට් ආයතනයේ ඡන්දෙට ඉල්ලලා පැරදිලා දැන් බයිනවා. රාජපක්ෂට බනිනවා පවුල්වාදය කියලා.. ක්‍රිකට් ආයතනයට ඇවිත් අයියලා මල්ලිලා ඡන්දෙ ඉල්ලනා..මිනිස්සු පිළිගනී ඇයි." යනුවෙන් සඳහන් කළා.