Friday, April 26, 2024

General line - 0115112241

කිසිදු විටක ඔහුගේ නම මගේ මුවින් පිට නොවෙනු ඇති : නවසීලන්ත අගමැතිවරිය අරාබි භාෂාවෙන් පාර්ලිමේන්තුව අමතයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




පුද්ගලයින් 50 දෙනෙක් ජිවිතක්ෂයට පත් කරමින් ක්‍රයිස්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කරනු ලැබූ තුවක්කුකරුගේ නම යළිත් කිසිදු අවස්තාවක තමන්ගේ මුවින් පිට නොවෙන බවට නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර සිටිනවා.

ඉකුත් සිකුරාදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පළමු වරට අද (19) විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක් කැඳවමින් අගමැතිවරිය ඉතා සංවේදී අයුරින සභාව ඇමතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ඇය සිය විශේෂ ප්‍රකාශය ආරම්භයේදී අරාබි භාෂාවෙන් පාර්ලිමේන්තුව ඇමතීම විශේෂ සිදුවීමක් ද විය.

"අල්-සලාම් අලෙක්කුම්" (ඔබට සාමය වේවා) යන අරාබි ආමන්ත්‍රණය සමගින් අග්‍රාමාත්‍යවරිය සිය විශේෂ ප්‍රකාශය ආරම්භ කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. 

" මෙය ත්‍රස්ත ප්‍රහාරයක්, මෙම තුවක්කුකරු පැහැර ගත් පුද්ගලයින්ගේ නම් මම හඩගා කියන්නම්. ඒත් කිසි විටක මේ අපරාධකරුවෙක් වන අන්තගාමි මත දරන ත්‍රස්තවාදියාගේ නම මගේ මුවින් පිට නොවන බවට දිවුරා කියන්නෙමි. ඒ වගේම මේ සිදුවිමට වගකිවයුතු පුද්ගලයාට නීතිය ඉදිරියේ ලබාදිය හැකි උපරිම දඬුවම ලබා දීමට කැපවෙනවා. මම සියළුම නවසීලන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා සහෝදර මුස්ලිම් ජනතාවගේ වේදනාව දිහා දෑස් යොමු කරන්න කියලා. ඔවුන් සිටින්නේ දැඩි සිත් වේදනාවෙන්. අපිට මේ අවස්ථාවේදී ඔවුන් අමතක කරන්න බැහැ" අගමැතිවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.