Saturday, April 27, 2024

General line - 0115112241

පුත්තලම ජනතාවට ඇමති පාඨලී ගෙන් පිළිතුරු




අරුවක්කාලු කසල අංගනයට එරෙහිව ඇතැම් පිරිස් සිදු කරන විරෝධතා සම්බන්ධයෙන් කණගාටු වන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. නාගරික කැලි කසල ගැටළුවට ඇති විද්‍යාත්මක විසඳුම වන්නේ මෙවැනි කසල අංගන බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

කෙසේවෙතත් අරුවක්කාලු කසල අංගනයට එරෙහිව කොළඹ දී අදත්  විරෝධතාවක් පැවැත්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවන් එහිදී හඬ නැඟුවේ අමාත්‍ය පාඨලීගෙන් පුත්තලම බේරාදෙන ලෙසයි. 

මෙම විරෝධතා සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙලෙස ප්‍රතිචාර දැක්වූවා. 

නාගරික කසල ගැටළුවට තමන් හඳුන්වා දුන් තවත් විසඳුම් කිහිපයක් පිළිබඳවද අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී සිහිපත් කළා. 

අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ දඹුල්ල මෙගා මයින්ඞ්ස් වැඩසටහනට සහභාගී වෙමින්.