Friday, April 26, 2024

General line - 0115112241

උතුරේ ගැටළු විසඳීමට ඇති බාධාවක් ජනපති පහදයි

හර්ෂිකා සංජීවනී




ජාතික සමඟිය සහ සංහිඳියාව ගොඩනැගීමට වඩා අද ප්‍රබල ගැටළුවක් වී ඇත්තේ උතුරේ කුලවාදය අවසන් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකට අද (19) පස්වරුවේ කොළඹ දී එක්වෙමින්. 

" සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතරේ සංහිදියාව ගොඩනගනවාට ඇති කිරීමට වඩා උතුරේ දමිල වැසියන් අතරේ පවතින කුලවාදය නතර කිරීමට පියවර ගැනීමට සිදුව තිබෙනවා. පසුගිය සතියේදී එළිදැක්වූ එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා රජයේ කටයුතු සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වාර්තාවේ එක් තැනක තියෙනවා උතුරේ දමිල ජනතාවට අයිති ඉඩම් නිදහස් කර නැති බවත් ඒ සඳහා වහාම ස්වාධින කොමිෂන් සභාවක් පත් කල යුතුයි කියලා. 

මානව හිමිකම් කොමසාරිස්වරිය මොන තරම් අනවබෝධයකින්ද මේ ප්‍රකාශය සිදුකරලා තිබෙන්නේ. අපි මේ වෙනකොට උතුරේ ඉඩම් වලින් 90%ක් නිදහස් කර අවසන්. නමුත් උතුරේ පවතින දැඩි කුලවාදය නිසා එසේ නිදහස් කරපු ඉඩම් අයිතිකරුවන්ට ලබාදීම ප්‍රමාද කරලා තියෙනවා. ඒ කුලයෙන් උසස් අයට වටිනාකමෙන් වැඩි ඉඩම් සහ කුලයෙන් අඩු අයට වටිනාකමෙන් අඩු ඉඩම් කියලා" ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රටේ අපරාධ සහ සමාජ ප්‍රශ්නවල දී ඒවාට විසඳුම් ලබාදීම සඳහා උගතුන් සහ විද්වතුන් ඉදිරියට පැමිණිය යුතු බවයි.