Friday, April 26, 2024

General line - 0115112241

ශ්වේත පූජා සමග අද දවස පුරා පිංකම් රැසකට සම්බන්ධවීමට ජනතාවට අවස්ථාව




අදට යෙදී තිබෙන පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන අද (20) මැදිරිගිරිය මණ්ඩලගිරිය විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.

එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සඳහන් කළේ "මෙම  උතුම් පුර පසළොස්වක 'මැදින්' පොහෝ දා නෙත් එෆ්. එම්. ශ්වේත පූජා  පිංකම පැවැත්වෙන්නේ නෙත් එෆ්. එම්. පහන් කන්ද ආශීර්වාද පූජාව පවත්වනු ලබන පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින්වහන්සේ  ඡන්ම භූමියේයි. අද උදෑසන අෂ්ඨාංග සීලය සමාදන් වීමෙන් අනතුරුව මෙම පිංකම් මාලාව ආරම්භ කෙරුණා. පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් උදෑසන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව පැවැත්වෙනවා. අද රාත්‍රි 9.00 දක්වා පිංකම් රැසක් මෙම ස්ථානයේදී සංවිධානය වී තිබෙන අතර අවට ජනතාවට එම පිංකම් සමග සම්බන්ධ වෙමින් කටයුතු කරන ලෙස ආරාධනා කරනවා." යනුවෙනි.

මේ අතර නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ජේතවනාරාම සෑරද වන්දනා මහා පිංකම ලබන සෙනසුරාදා (23) පැවැත්වෙනවා.

රට එක්සේසත් කළ සියලූ රජවරුන්ට සහ මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමත්, සුජීවත් රණවිරුවන්ට සෙත් පැතීමත් මෙම පිංකමේ අපේක්ෂාව බවයි මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ යටිහෙලගල රාජමහා විහාරාධිකාරී, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් සඳහන් කළේ. 

මෙම පිංකම සංවිධාන කිරීම සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව ද සහය ලබාදෙනවා.