Saturday, April 27, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම කල් යයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් වන කාලය දීර්ග කිරීමට යුරෝපා සංගමය එකගත්වය පළ කර තිබෙනවා. 

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, ලබන සතියේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ද ගෙන ඒමට නියමිතයි. එය සම්මත කිරීමට මන්තී‍්‍රවරුන් සමත් වුවහොත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීම සඳහා ලබන මැයි 22වනදා තෙක් කල් ලබා දීමටයි එම සංගමය තීරණය කර ඇත්තේ. එසේ නොවුනහොත් එම දිනය අපේ‍්‍රල් මස 12වනදා දක්වා සීමා කිරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් තීරණය කර තිබෙනවා. 

මීට පෙර සැලසුම් කළ පරිදි මාර්තු මස 29වනදා රාතී‍්‍ර 11ට බි‍්‍රතාන්‍ය, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කර යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියමිතව තිබුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, ගෙන ආ යෝජනාව එරට පාර්ලිමේන්තුව විසින් තුන්වරක් පරාජය කිරීම හමුවේ නියමිත දිනට බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට ඔවුන් අපොහොසත් වුණා. ඒ අනුව බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය දීර්ග කරන ලෙස බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබුණා.