Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්ත ඝාතකයාගේ මවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් : ප්‍රහාරයට සතියයි, නවසීලන්තයම නිහඩවෙයි (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




සිය පුත්‍රයා වුවත් පුද්ගලයින් 50 දෙනෙකුගේ ජිවිතය උදුරා ගත්තාක් මෙන් ඔහුගේ ජිවිතයද අවසන් විය යුතු බවට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටෙරන්ට් ගේ මව ප්‍රකාශ කර සිටිනවා.

ඕස්ට්‍රේලියානු රූපවාහිනි නාළිකාවක් විසින් සිදුකරන ලද සම්මුඛ සාකච්ජාවකදි මේ බව ඇය කියා සිටියේ සැකකාර බ්‍රෙන්ටන් ටෙරන්ට් විසින් මුස්ලිම් ජාතිකයින් ඝාතනය කරන අයුරු රැගත් විඩියෝව නැරඹිමට තරම් ශක්තියක් තමන්ට නැතැයි යන්න ප්‍රකාශ කරමින්.

"මෙය ඉතා වේදනාකාරී. ඔහුට හිමිවිය යුත්තේ මරණ දඩුවමයි. මේ ආකාරයෙන් මම කිව්වත් ඔහු අපේ පවුලේ කෙනෙක්. නමුත් මේ තරම් පිරිසකගේ ජිවිත උදුරාගත්තු ඔහුට මරණ දඩුවම හිමිවිය යුතුයි" පුද්ගලයින් 50 දෙනෙකුගේ දිවි අහිමිකල බ්‍රෙන්ටන් ටෙරන්ට් ගේ මව ප්‍රකාශ කර සිටියා.

මේ අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදි සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් 50 දෙනා සිහි කිරිම උදෙසා අද (21) එරට සියළුම පුරවැසියන් මිනිත්තු දෙකක කාලයක් නිශ්බ්දතාවයේ නියැලි සිටියා. ඒ මීට සතියකට පෙර ත්‍රස්ත ප්‍රහාරය එල්ලවු වේලාව වන දහවල් 1.30 සිටයි.

මෙම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් සිහිකිරිම උදෙසා වන විශේෂ සැමරුම් උත්සවයක් ක්‍රයිස්චර්ච් හි පිහිටි හේග්ලී උද්‍යානයේදි පැවැත්විනි.

මෙම සැමරුම් උත්සවය සදහා ඉකුත්දා ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින ඇතැම් පුද්ගලයින් රෝද පුටු ආධාරයෙන් පැමින සිටින අයුරු දක්නට ලැබුනා.

මෙහිදි විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නවසීලන්ත අගමැතිවරිය කියා සිටියේ රටක් වශයෙන් සියළුම දෙනා එකට එක්වි මුස්ලිම් ජනතාව වෙනුවෙන් කැපවු ආකාරය ප්‍රශංසනීය බවත් ත්‍රස්තවාදයට අපට රිදවිමට පුළුවන්කම ලැබුනත් පරාජය කිරිමට අවස්ථාවක් නොලැබු බව ඇය ප්‍රකාශ කර සිටියා.

මේ අතර පුරා සතියක කාලයක් වසා දමා තිබු නවසීලන්තයේ සියළු මුස්ලිම් දේවස්ථාන එරට වේලාවෙන් අද සවස 6ට යළි විවෘත කිරිමට නියමිතව තිබෙනවා. 

මුස්ලිම් ජනතාව සිය ආගම සිහිකිරිම සිදුකරන අවස්ථාවෙදි සාමාන්‍ය ජනතාව එම දේවස්ථානයන් වටා "මිනිස් දම්වැලක්" සාදා ආරක්ෂාව සැපයිමට තිරණය කර ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ. ඕක්ලන්ඩ් නගරයේ පමනක් ඒ සදහා පුද්ගලයින් 10,000ක් එක්විමට නියමිතව තිබෙනවා.

මේ අතර ලොවපුරා වෙසෙන නවසීලන්ත ජනතාව තමන් සිටින රටවල් වල සිට මෙම ව්ශේෂ සැමරුම් උත්සවයට එක්වු බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියා. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පමණක් දහසකට අධික පිරිසක් රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ අතර නවසීලන්තය පුරා මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් සිහිකිරිම උදෙසා විශේෂ සැමරුම් රැසක් එරට සාමාන්‍ය ජනතාව විසින් සංවිධානය කර තිබුනා.