Friday, April 26, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව තව දින 10ක් : ඇමති රවී කියයි




ප‍්‍රදේශ කිහිපයක දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව තවත් දින 10ක් පමණ සිදු කරනු ඇතැයි අමාත්‍ය රවී කරුණානායක පවසනවා. අමාත්‍යවරයා ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි.

ඉල්ලුමට වඩා සැපයුමක් තිබෙනවා. තව දින 10ක කාලයක් යනකම් මේ විදිහට විදුලි කප්පාදුව සිදු කිරීමට වෙනවා. ඒ වන විට මේ සඳහා අවශ්‍ය පිළියම් යොදා ගැනීමට හැකිවෙයි. දැනට භාවිතා කරන වායුසමීකරණ යන්ත්‍ර වගේම විදුලි බල්බ දෙකක් නිවා දමන්න පාරිභෝගිකයාට පුලුවන්නම් එය මේ අවස්ථාවේදී උපකාරයක් වෙනවා. 2014 වසරේ ඉදලා මේ වෙනකම් විදුලි ඉල්ලුම ගැන නිසි ඝණනයක් කිසිවෙකුත් සිදුකරලා නැහැ යැයි ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.