Friday, April 26, 2024

General line - 0115112241

දකුණු මුහුදු තීරයේදී හෙරොයින් යාත්‍රාවක් අල්ලයි - නැව වට කිරීමත් සමග හෙරොයින් තොගයක් මුහුදට හලලා

කසුන් කැලුම්




හෙරොයින් තොගයක් රැගත් ඉරාන යාත‍්‍රාවක් දකුණු මුහුදු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකින්.

එම යාත‍්‍රාවේ සිටි ඉරාන ජාතිකයින් 09දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සැකකරුවන් සහ ඉරාන යාත‍්‍රාව කොළඹ වරාය වෙත රැගෙන එමින් සිටින බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අත්අඩංගුවට ගැනුණු හෙරොයින් ප‍්‍රමාණය සහ එහි වටිනාකම පසුව දැනුම් දෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. 

හෙරොයින් කිලෝග‍්‍රෑම් 100කට අධික ප‍්‍රමාණයක් මෙහි ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. වැටලීම සිදු කරන අවස්ථාවේ යාත‍්‍රාවේ සිටි ඉරාන ජාතිකයින් හෙරොයින් ඇසුරුම් කඩා කොටසක් මුහුදට දමා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.