Saturday, April 27, 2024

General line - 0115112241

ක්‍රිකට් සඳහා සහය ඉල්ලා මුරලි සමග සාකච්ඡා

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යැවීම් උපදේශකයෙකු ලෙස හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්ගේ සහය ලබා ගැනීම කෙරෙහි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා කි‍්‍රකට් ප‍්‍රධානීන් මුත්තයියා මුරලිදරන්ගෙන් ද විමසීමක් සිදු කර ඇති බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ.

කෙසේවෙතත් මුත්තයියා මුරලිදරන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නැහැ. මෙවර IPL  කි‍්‍රකට් තරගාවලියට එක්ව සිටින සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද මුත්තයියා මුරලිදරන්.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයට ටොම් මූඩි පත් කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි ඉකුත් දා මාධ්‍ය වාර්තා පළ වුණා. කෙසේවෙතත් නෙත් ස්පෝට්ස්මන් ඒ පිළිබඳ කළ විමසීමකදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප‍්‍රකාශ කළේ චන්දික හතුරුසිංහ එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ ද ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි.

ඉකුත් දා පැවැති සාකච්ඡාවේදී ඔහු ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සිය සැලැස්ම කි‍්‍රකට් ප‍්‍රධානීන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම සාකච්ඡාවට එක්වූ සභාපති ශම්මි සිල්වා සහ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට වෙනත් ප‍්‍රශ්ණ වැදගත් නොවන බවත්, අවශ්‍ය වන්නේ ගෙවන වැටුපට සරිලන ප‍්‍රතිපලයක් කණ්ඩායම තුළින් ලැබිය යුතු බවටයි.