Friday, April 26, 2024

General line - 0115112241

උගතුන් බුද්ධිමතුන් 50ක් පාර්ලිමේන්තු ගියොත් රට ගොඩගත හැකියි - ජනපතිගෙන් ප‍්‍රකාශයක්




පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන් අවම වශයෙන් 50 දෙනෙකුවත් උගතුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් නියෝජනය වූ දිනක රට ගොඩනැගීම කිසිසේත්ම අපහසු නොවන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ විශ්ව විද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උළෙල අමතමින්. 

රටත් ජනතාවත් වෙනුවෙන් දැනට වඩා පුළුල් මෙහෙවරක් ඉටු කිරීමට ඉදිරියට පැමිණෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු ඇතුළු රටේ සමස්ත විද්වතුන්ට ආරාධනා කරනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ රට හමුවේ ඇති ආර්ථික, සමාජීය මෙන්ම පාරිසරික වශයෙන් එල්ල වී ඇති අභියෝග ජය ගැනීමේ දී ද විද්වතුන්ගේ, පර්යේෂකයින්ගේ, උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ සහය රටට අත්‍යවශ්‍ය බවයි.