Friday, April 26, 2024

General line - 0115112241

වසර 05 කට පසුව පලස්තීනයේ රොකට් ප්‍රහාරයක් ඊශ්‍රායලයට

දිනුක් හේවාවිතාරණ




පලස්තීනයේ හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ රොකට්ටුවක් මධ්‍යම ඊශ්‍රායලයේ නිවාසක් මතට වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (25) අලුයම එල්ලවූ මෙම ප්‍රහාරය හේතුවෙන් අමෙරිකාවේ සංචාරයක නිරත වෙමින් සිටි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්නියාහු සිය සංචාරය අතරමග නවතා සිය රට පැමිණීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

2014 වසරට පසුව පලස්තීනය විසින් එල්ල කරනු ලැබූ රොකට් ප්‍රහාරයක් ඊශ්‍රායලය තුලට එල්ලවූ පළමු අවස්ථාව මෙය බවයි එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ.  

මිට සතියකට පමණ ඉහතදී ඊශ්‍රායාලයට එල්ලවූ රොකට් ප්‍රහාර දෙකක් හේතුවෙන් ගාසා තිරයේ ඉලක්ක වෙත ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් ගුවන් ප්‍රහාර 100 කට අධික සංඛ්‍යාවක් එල්ල කරනු ලැබිය.