Friday, April 26, 2024

General line - 0115112241

කඩුවෙල - බියගම මාර්ගයේ රථ වාහන ධාවනය හෙට සිට සීමා කෙරේ




කඩුවෙල පාලමේ අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් කඩුවෙල - බියගම මාර්ගයේ රථ වාහන ධාවනය හෙට (26) සිට දින 03ක් සීමා කෙරෙනවා. එම දිනවල රාත‍්‍රී 10 සිට අලූයම 5 දක්වා එම මාර්ගය වසා තැබෙන බවයි පොලිසිය පැවසුවේ.

එම කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිිසිය රියදුරන්ට දැනුම් දෙනවා.