Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ප‍්‍රංශ පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ සභාපති පුටුව පාඨලීට

හේමන්ත කහවලගේ




ශ්‍රී ලංකා ප‍්‍රංශ පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ සභාපති ධූරය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක හට හිමිව තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ සැසියකදීයි. 

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සැසිය සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Mr. Eric Lavertu) ඇතුළු ප‍්‍රංශ නියෝජිතයින් එක්ව සිටියා.

මෙහිදී අදහස් දක්වමින් මහානගර ඇමති චම්පික රණවක සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ප‍්‍රංශ රජය දක්වන සහයෝගය ඉතා අගය කොට සලකන බවයි. මහානගර අමාත්‍යාංශය මගින් ප‍්‍රංශ රජයේ ආධාර ඇතිව කි‍්‍රයාත්මක වන පිටකොටුව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩකටයුතු මේ වන විටත් කි‍්‍රයාත්මක වෙමින් පවතින බවද අනුරාධපුරය සහ මාතර ප‍්‍රදේශ ආශ‍්‍රිතව ප‍්‍රංශ රජයේ ආධාර ඇතිව විශේෂ සංවර්ධන කටයුතු රැසක් උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් සිදු කරන බවද පෙන්වා දුන්නා.