Friday, April 26, 2024

General line - 0115112241

යොවුන්පුරයට අගමැති එක්වෙයි (PHOTOS)




වීරවිල දී පැවැත්‍ වෙන 10 වන යොවුන්පුරය කඳවුරට ඊයේ (29) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියා. යොවුන්පුරය දිස්ත්‍රික් කදවුරු වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා යොවුන්පුර වාසීන් සමග අදහස් බෙදා ගනිමින් ඔවුන් සමග සුහද සාකච්ජාවක නිරතවූවා.

අධ්‍යාපන ,ක්‍රීඩා, සංස්කෘතික, බැහැරගත ක්‍රියාශීලිත්වය වර්ධනය, විනෝදාංස ක්‍රීඩා රැසක් හා සංහිදියාව ගොඩැනැංවීමේ අරමුණින් වැඩසටහන් රැසක් මෙවර යොවුන්පුර කඳවුරට එක් කිරීමට ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංග ගේ සංකල්පයක් මත කටයුතු කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම සංස්කෘතික අංශය මගින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හා තරුණ තරුණියන් ගේ ක්‍රීඩා කුසලතාවයන් විදහා දැක්වෙන අංග  රැසක් ඊයේ දිනයේදී පවත්වනු ලැබුවා. යොවුන්පුරය හරහා තමන්ට අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකිවූ බව එයට එක්ව සිටි දෙස් විදෙස් තරුණ තරුණියන් පවසා සිටියා.