Friday, April 26, 2024

General line - 0115112241

අසේල සහ දසුන් හැලේ

කසුන් කැළුම්




තුන් ඉරියව් ක‍්‍රීඩකයින් වන අසේල ගුණරත්නට සහ දසුන් ශානකට මෙවර සුපිරි පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනාම ආබාධවලට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව අසේල ගුණරත්නට සහ දසුන් ශානකට එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද අහිමි වනවා.

සුපිරි පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ලබන 04 වැනිදා ආරම්භ වන අතර එම තරගාවලියේ දී දක්ෂතා දක්වන ක‍්‍රීඩකයින් ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කෙරෙනු ඇති. 

කණ්ඩායම් 04ක් තරග වදින සුපිරි පළාත් ක‍්‍රිකට් තරගාවලියේ කුසලානය එළි දැක්වීම ඊයේ (01) කොළඹ දී සිදු කෙරුණා.

මහනුවර කණ්ඩායමට දිමුත් කරුණාරත්න නායකත්වය ලබාදෙන අතර, කොළඹ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ දිනේෂ් චන්දිමාල්. ගාල්ල කණ්ඩායමට ලසිත් මාලිංග නායකත්වය ලබාදෙන අතර දඹුල්ල කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබා දෙනවා.