Friday, April 26, 2024

General line - 0115112241

IPL කි‍්‍රකට් තරග ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම මෙන්න (VIDEO)

කසුන් කැලුම්




අයි. පී. එල්. කි‍්‍රකට් තරග ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අල්සාරී ජෝසප් ඊයේ (06) සමත්වුණා. 

ඒ, සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 12කට කඩුළු 06ක් දවා ගනිමින්.

මීට පෙර අයි. පී. එල්. තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කර තිබුණේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ සොහෙල් ටැන්විර්. ඔහු 2008 වසරේදී ලකුණු 14කට කඩුළු 06ක් දවා ගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මෙම දස්කම දක්වා තිබුණා.

නව වාර්තාව පිහිටවූ අල්සාරි ජෝසප් ඊයේ තරගය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කැඳවා තිබුණේ ලසිත් මාලිංග වෙනුවටයි. කොදෙව් කී‍්‍රඩක 22හැවිරිදි අල්සාරි ජෝසප් කී‍්‍රඩා කළ සිය මංගල අයි. පී. එල්. තරගය ද මෙය වනවා.

මෙම තරගයෙන් ලකුණු 40ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුළු 07ක් දැවී ලකුණු 136ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට පන්දු වාර 17යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 96ක් පමණයි. එම තරගය හයිද්‍රබාද්හි රජීව් ගාන්ධි කී‍්‍රඩාංගනයේදී පැවැත්වුණා. 

 

(වීඩියෝව මෙතැනින්)