Saturday, April 27, 2024

General line - 0115112241

අවසන් මහා තරගය අද

ඩිල්ෂාන් මඩවල




සුපර් ෆෝ අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) පැවැත්වෙනවා. ඒ, ලසිත් මාලිංග නායකත්වය දරණ ගාල්ල කණ්ඩායම සහ දිනේ්ෂ් චන්දිමාල් නායකත්වය දරණ කොළඹ කණ්ඩායම අතරයි.

මූලික වටයේ තරගවලදී මෙම කණ්ඩායම් 02ම ඔවුන් සහභාගී වූ තරග 03න් දෙක බැගින් ජය ගත්තා. 

මේ අතර තරගාවලියේ 03 වන ස්ථානය හිමිකර ගත්තේ ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවන ලද දඹුල්ල කණ්ඩායමයි. ඒ, ඊයේ (10) පැවති තරගයේ දී දිමුත් කරුණාරත්නගේ මහනුවර කණ්ඩායම ලකුණු 94කින් පරාජය කරමින්. 

මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 05ක් දැවී ලකුණු 325ක් ලබාගත්තා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 101යි. මහනුවර කණ්ඩායමේ පිළිතුරු ඉණිම ලකුණු 231කට සීමා වුණා. තරගය පැවැත්වුණේ දඹුල්ලේදීයි. 

මේ අතර එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම මෙම තරගාවලියේදී ක‍්‍රීඩකයින් දක්වන දක්ෂතා අනුව සිදු කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කර තිබෙනවා.