Wednesday, May 8, 2024

General line - 0115112241

වෝනර් සහ ස්මිත් සමග ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංච්තය නම් කරයි

දිනුක් හේවාවිතාරණ




එංගලන්තයේ පැවැත් වෙන ලෝක කුසලාන තරගාවලීය සදහා වන ඕස්ට්‍රේලියානු සංචිතය අද (15) එරට ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

2018 වර්ෂයේ මාර්තු මාසයේදි දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට් තරගයකදි පන්දුව පළුදු කිරිමේ සිද්ධිය මත වසරක තරග තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් සහ ඩෙවිඩ් වෝනර් යළි සංචිතයට කැදවිමට ඕස්ට්‍රේලියානු තේරිම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව වේග පන්දු යවන්නන් පස් දෙනෙක් සහ දග පන්දු යවන්නන් දෙදෙනෙකු පන්දු යැවිමේ අංශය ශක්තිමත් කරමින් සංචිතයට කැදවා තිබෙනවා.

මේවර ලෝක කුසලාන තරගාවලියේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවිමේ වගකීම පැවරි ඇත්තේ ඒරොන් ෆින්ච්ටය.

ලෝක කුසලානය සදහා වන ඕස්ට්‍රේලියානු සංචිතය:

ඒරොන් ෆින්ච් (නායක), ඩේව්ඩ් වෝනර්, උස්මාන් කවාජා, ස්ටිවන් ස්මිත්, ෂෝන් මාෂ්, ඇලෙක්ස් ක්‍රේයි, මාකස් ස්ටෝනිස්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්ස්, ජේ රිචඩ්සන්, පැට් කමින්ස්, ජේසන් බ්‍රෙන්ඩොෆ්, නේදන් කෝල්ටර්-නීල්, ඇඩම් සැම්පා සහ නේදන් ලයන්.

මේ අතර ඉන්දියාවද අද දිනයේදි ලෝක කුසලාන තරගාවලිය සදහා වන සිය සංචිතය නම් කිරිමට නියමිතව තිබෙනවා.