Wednesday, May 8, 2024

General line - 0115112241

පුද්ගලයෙකුට දිනකට පැය 12ක සේවා මුරයක් සහ සතියකට වැඩකරන දින 06ක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පුද්ගලයෙකුට දිනකට පැය 12ක සේවා මුරයක් සහ සතියකට වැඩකරන දින 06 ක් හිමිවිය යුතු බව සුප‍්‍රකට අලිබබා සමාගමේ සම නිර්මාතෘ මෙන්ම චීනයේ ප‍්‍රමුඛ පෙළේ ධනවතෙකු වන ජැක් මා පවසනවා.

මෙම යෝජනාව ද ඇතුළත්ව 996 කි‍්‍රයාවලියට චීනය ද වහාම යොමුවිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. නැතහොත් නුදුරේදීම චීන ආර්ථිකය කඩා වැටෙනු ඇති බවද, ජැක් මා ප‍්‍රකාශ කළා. 

996 කි‍්‍රයාවලිය යනු අතිකාල සේවා මුරද සමගින් පුද්ගලයෙකු උදෑසන 09.00 සිට රාතී‍්‍ර 09.00 දක්වා දිනකට පැය 12ක කාලයක් වන පරිදි සතියකට දින 06ක් සේවය කිරීමයි. 

996 කි‍්‍රයාවලිය නීතිවිරෝධී බවට ද චීනය තුළ මතවාදයක් ගොඩ නැගෙමින් පවතිනවා. එසේ තිබියදීත් එරට තොරතුරු තාක්ෂණ සමාගම් රැසක් මේ වනවිටත් 996 කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

පුද්ගලයෙකුගේ දෛනික සේවා මුරය පැය 08ක් පමණක් විය යුතු බව චීනයේ පොදු පිළිගැනීම වනවා.