Saturday, April 27, 2024

General line - 0115112241

විසිපන්දහසේ දඩය සංශෝධනයකට රජය සූදානම්

දිල්ශාන් තුෂාර




රථවාහන වැරදි 07ක දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බස් සේවකයින් මතු කරන විරෝධයට කෙටුම්පත සම්මත කිරීමට පෙර අවදානය යොමු කරන බව රජය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ ඒ සම්බන්ධයෙන් අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට ද කටයුතු කරන බවයි. ඒ අනුව සුදුසු පරිදි කෙටුම්පත සංශෝධනය කිරීමට ද සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. 

අදාළ දඩ වැඩි කිරීමට එරෙහිව බස් සේවක වෘත්තීය සමිති ඉකුත් දා වැඩවර්ජනයක් ද කැඳවූවා. එහෙත්, බස් හිමියන් ඊට සහය නොදැක්වූ අතර බස් සේවකයින් ද බෝහෝ දෙනෙකු වැඩවර්ජනය නොතකා සේවයට වාර්තා කර සිටියා.