Saturday, April 27, 2024

General line - 0115112241

පියපුතු පදනම අනුව විදුලි බල මණ්ඩලයේ රැකියා ලබා දීම වැඩි කරයි

සජිත් තිලකරත්න/ඩිල්ෂාන් මඩවල




පියපුතු පදනම යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා ලබාදීම අද සිට වැඩි කරන බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

සේවක ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණයට එලැඹි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.  



රාජකාරියේදී අනතුරට ලක්වන විදුලි සේවකයන්ගේ දරුවන් සදහාද ඉදිරියේදී රැකියා ලබාදීමේදී ප‍්‍රමුඛතාව ලබාදෙන බවයි අමාත්‍ය රවී කරුණානායක මෙහිදි කියා සිටියේ.

මෙම තීරණය අතීතයටද වලංගු වන පරිදි අද සිටි ක‍්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

අමාත්‍ය රවී කරුණානායක මෙම අදහස් පලකලේ ලංකා විදුලිබල මණ්ඩලයේ නව පත්වීම් ප‍්‍රධානයක් වෙනුවෙන් පැවැති උත්සවයකදීයි.