Wednesday, May 8, 2024

General line - 0115112241

විශ්වමඩු ප්‍රදේශයේදී පුද්ගලයෙකු අකුණු සැරවැදී මරුට

මාධව කුලසූරිය -වවුනියාව




මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

මීට දින කිහිපයකට පෙර යාපනය ප්‍රදේශයේ පුද්ගලයන් තුන්දෙනෙකුද අකුණු සැර වැදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා. මේ අතර උතුරු පළාතේ ප්‍රදේශ රැසකට අද (19) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇද හැලුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩි දුරටත් සදහන් කළේ.