Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහළ බසියි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ගේ කි‍්‍රයාකලාපය අනුමත කරන අමෙරිකානුවෙන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහත බැස ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණ කරනවා. 

ඔහුගේ් ජනපි‍්‍රයත්වය පහත බැස ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේදී රුසියාවේ මැදිහත්වීම් ලබා ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාව මගින් ජනාධිපතිවරයාගේ පාර්ශවය රුසියාවේ සහාය ලබා නොගත් බව ප‍්‍රකාශ වීමත් සමගයි. පිටු 448කින් සමන්විත එම වාර්තාව ඊයේ නිකුත් කළේ අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින්. 

රොයිටර්ස් පුවත් සේවය පවසන පරිදි අමෙරිකානු ජනාධිපතිවරයා රුසියාවේ මැදිහත්වීම් ලබා ගත් බවට එල්ලවන චෝදනා පිළිබඳ කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරණ සමයේදී ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පාර්ශවය රුසියාවේ මැදිහත් විම් ලබා ගත් බවට පවසන පිරිස සියයට 50ක්. තවත් සියයට 58ක ප‍්‍රතිශතයක් පවසන්නේ රුසියාවේ ජනාධිපතිවරණ මැදිහත්වීම් සම්බන්ධයෙන් සිදු කෙරෙැණු විමර්ශන නැවැත්වීමට ජනාධිපති ට‍්‍රම්ප් උත්සහ කළ බවයි. 

ජනාධිපති ට‍්‍රම්ප් දෝෂාභියෝගයකට මුහුණ දිය යුතු බව සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් සියයට 40ක් පවසනවා. කෙසේවෙතත් එහිදී සියයට 42ක පිරිසක් පවසා ඇත්තේ ජනාධිපතිවරයා දෝෂාභියෝගයකට ලක් නොවිය යුතු බවයි.