Saturday, April 27, 2024

General line - 0115112241

සංචිතයට තුන් ඉරියවක් ක්‍රීඩකයෙකු ඇතුළත් කරන්න අල්ලස් අරන් - කවුරුන්දැයි හෙළි කරන්න අසන්ත කියයි

කසුන් කැලුම්




ලෝක කුසලාන තරගාවලිය සදහා තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු ශී‍්‍ර ලංකා සංචිතයට ඇතුළත් කිරීමට කි‍්‍රකට් තේරීම් කමිටු සාමාජිකයෙකු අල්ලස් ලබාගත් බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ කී‍්‍රඩකයාට ලැබෙන තරග මුදලින් සියයට 10 ක මුදලක් අදාළ තේරීම් කමිටු සාමාජිකයාට ලබාදීමේ එකගතාව මත එම තුන් ඉරියව් කී‍්‍රඩකයා ලෝක කුසලාන සංචියට නම් කර ඇති බවටයි එම වාර්තාවල දැක්වෙන්නේ.

පළවන මෙම පුවත සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්තද මෙල්ගෙන් විමසීමක් කළා. ඔහු එහිදී කියාසිටියේ අදාළ තේරිම් කමිටු සාමාජිකයා පිළිබද හෙළිදරව්වක් කරන්නේ නම් ඒ පිළිබද පරීක්‍ෂණයක් සිදුකළ හැකි බවයි.