Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දිය අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඉන්දිය අගමැතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටින බවයි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත් ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ඉන්දියාව අවධාරණය කර සිටින බව එහිදී සඳහන් කර සිටියි.