Friday, April 26, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපළ ආසන්නයෙන් බෝම්බයක් හමුවේ

දිනුක් හේවාවිතාරණ




කටුනායක ගුවන් තොටුපලේ පිවිසුම් මාර්ගය ආසන්නයේ තිබී වැඩි දියුණු කරන ලද බෝම්බයක් (IED) ගුවන් හමුදාවේ මුර සංචාරක භට පිරිස් විසින් අද (21) රාත්‍රියේදී සොයා ගෙන තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනවිරත්න සඳහන් කර සිටියේ කටුනායක ගුවන් තොටුපලේ පිවිසුම් මාර්ගය ආසන්නයේ පිහිටි ආඩීඅම්බලම මාර්ගය ආසන්නයේ තිබී අඩි 06 ක පමණ දිගකින් යුත් පිවිසී (PVC) බටයක පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කරන ලද වැඩි දියුණු කරන ලද බෝම්බය සොයා ගැනීමට ගුවන් හමුදාවේ පාමුර සංචාරයේ යෙදී සිටි භට පිරිසකට හමුවී තිබු බවයි.

පසුව ගුවන් හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් එම බෝම්බය ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන ගොස් පුපුරුවා හැරිමට කටයුතු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.