Saturday, April 27, 2024

General line - 0115112241

සහරාන්ගේ අනුගාමිකයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




ජාතික තවුහිද් ජමාද් අන්තවාදී සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉන්දීය ජාතික බුද්ධි ඒකකය මඟින්. රියාස් අබු බකර් නොහොත් අබු දුජානා නමැති එම සැකකරු සහරාන් හෂීම්ගේ දේශන සහ වීඩියෝ පට පරිශීලනය කළ අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

එම සැකකරු ඉන්දියාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සැලසුම් කර ඇති බවද ඉන්දීය ආරක්ෂක අංශ මඟින් අනාවරණ කරගෙන තිබෙනවා. එමෙන්ම මෙම සැකකරු අන්තවාදී ඉගැන්වීම් සිදු කෙරෙන පීස් ටී වී කේබල් රූපවාහිනි නාලිකාව ද පරිශීලනය කළ අයෙකු බවටයි ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණ කරගෙන ඇත්තේ.