Saturday, April 27, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් දත්ත විශ්ලේෂකයාට ICCයෙන් චෝදනා ගොනු කෙරේ

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කළ සනත් ජයසුන්දරට එරෙහිව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ, අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුට අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බන්ධයෙන්. අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතේ වගන්ති 02ක් සනත් ජයසුන්දර විසින් උල්ලංඝණය කර ඇති බවයි එම කවුන්සිලය නිවේදනය කළේ. 

කී‍්‍රඩා අමාත්‍යවරයාට අල්ලස් දීමට තැත් කිරීම,  ඕනෑම ආකාරයක උපක‍්‍රමයකින් අන්තර්ජාතික තරගයක ප‍්‍රතිපලයට, රටාවට හෝ ස්වභාවයට අනිසි ලෙස බලපෑම් කිරීම ඔහුට එරෙහිව ඇති එක් චෝදනාවක්.

මෙම චෝදනා හේතුවෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂක සනත් ජයසුන්දරට තාවකාලික තහනමක් පැනවීමට ද අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඔහු ඊයේ (11) සිට දින 14ක් ඇතුළත සිය කවුන්සිලය ඉදිරියේ මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කළ යුතු බවයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය නිවේදනය කළේ.