Saturday, April 27, 2024

General line - 0115112241

සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක - මාතලේ 80%ක වර්ධනයක්

නිශාන් ද සිල්වා




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු දෙවන වාරය සඳහා ආරම්භ වූ පාසල් සඳහා සිසුන්ගේ පැමිණීම අද (15) වනවිට ක‍්‍රමයෙන් වැඩි වී තිබෙනවා.

පළාත් අධ්‍යාපන බලධාරීන් පැවසුවේ ඉකුත් දින 02කට සාපේක්ෂව අද දිනයේ සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බවයි.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ‍්‍රීලාල් නෝනිස් කියා සිටියේ ප්‍රධානම කාරණය ළමයි පැමිණෙන ප්‍රමාණයට ඉගැන්වීම් කටයුතුද සිදු කෙරෙන බවයි. 

මධ්‍යම පළාතේ පාසල් වෙත සිසුන් පැමිණීම ද සතුටුදායක මට්ටමකින් ඉහළ ගොස් ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ තිලක් ඒකනායක නෙත් නිවුස් වෙත කියා සිටියා. 

දකුණු පළාතේ පාසල් වෙත සිසුන් පැමිණීම ද සියයට 35 ඉක්මවා ගොස් ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිමල් දිසානායක කියා සිටියා. 

මේ අතර අද දිනයේ මාතලේ දිස්ත‍්‍රික්කයේ පාසල් වෙත දරුවන්ගේ පැමිණීම සියයට 80ක් දක්වා වර්ධනය වී තිබෙනවා.