Friday, April 26, 2024

General line - 0115112241

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ ඒකමතික අනුමැතිය

සමීර ගොඩපිටිය/සමන්ත කුමාර




අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැති රැස්වීමකදීයි.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ...

සිය පාලනයක් යටතේ සමාජ බෙදුම්වාදය වැළැක්වීම සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ කෙටුම්පත්ක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද එහිදී තීරණය වූ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ කියා සිටියේ. 

ප‍්‍රදේශ කිහිපයක ඊයේ සහ පෙරේදා දිනවල ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.