Saturday, April 27, 2024

General line - 0115112241

පුනානි ශරීයා විශ්ව විද්‍යාලයට ලැබුණු ආධාර පිළිබඳ විගනණයක් සිදු කරන්නැයි ඉල්ලීම්

මහේෂ් චතුරංග




මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකර ඇති ශරීයා විශ්ව විද්‍යාලයට ලැබුණු මුදල් පිළිබඳ විගණනයක් සිදු කර රටට හෙළි කළ යුතු බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. එහි මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මේ බව පැවසුවේ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ පුනානි ශරීයා විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලය යටතට පත් කළ යුතු බවයි. 

අන්තවාදී අධ්‍යාපනය පිටු දකිමු මැයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.