Friday, April 26, 2024

General line - 0115112241

යුද හමුදාපතිවරයාට දුරකතන ඇමතුම් ලබා දුන් බව බදීයුදීන් පිළිගනියි

දිල්ශාන් තුෂාර




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු විමසීමට තමන් යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායකට දුරකතන ඇමතුම් ලබා දුන් බවට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පිළිගත්තා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ තමන් එම පුද්ගලයා නිදහස් කරන ලෙස යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීම් නොකළ බවයි. 

කෙසේවෙතත්, අමාත්‍ය රිෂාඞ් බදියුදීන් කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස අනාවරණ කළා.

යුද හමුදාපතිවරයා සමග සිදු කළ දුරකතන සංවාදයේ හඬපට ඉදිරිපත් කිරීමටද තමන් සූදානම් බවයි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.