Friday, April 26, 2024

General line - 0115112241

ඥාණසාර හිමිව හමුවෙන්න ජනපති යයි

නිශාන් ද සිල්වා/දිල්ශාන් තුෂාර




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, සිර දඩුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමු වී තිබෙනවා.

බන්ධනාගාර රෝහලේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකුට නිදහස ලබාදීම වෙනුවෙන් ඊයේ (18) පැවති උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා උන්වහන්සේ හමු වූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ.  

එහිදී "අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රිවරයෙක් හැටියට අපිටත් වගකීමක් තියෙනවා...මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. ඉදිරියේදී යම්කිසි ක්‍රියාමාර්ගයක් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා." යනුවෙන් ද සඳහන් කළා.

කලහාකාරී සිද්ධීන් ඇති නොවීමට වගබලා ගන්නා බවට ලබා දෙන සහතිකයක් මත පමණක් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කළ යුතු බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේ.