Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ පාලන බලය හිමිවන කණ්ඩායම ගැන සමීක්ෂණ වාර්තා නිකුත් වෙයි

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ පාලන බලය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රමුඛ කණ්ඩායමට යළි හිමිවනු ඇතැයි සමීක්ෂණ වාර්තා පවසනවා. අදියර කිහිපයක් යටතේ පැවති එරට මහ මැතිවරණයේ නිල ප‍්‍රතිඵල ලබන 23 වැනිදා නිකුත් කිරීමට නියමිතයි.

ඊට පෙර සමීක්ෂණ වාර්තා එළිදක්වා ඇති අතර ඒවායෙන් වැඩි ප‍්‍රමාණයක අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජයග‍්‍රහණය තහවුරු කර තිබෙනවා. 

භාරතීය ජනතා පක්ෂයේ නායකයා වන අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවර මැතිවරණයට තරග කළේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයෙන්. ඔහුගේ ආසන්නතම ප‍්‍රතිවාදියා ලෙස රාහුල් ගාන්ධි එක්සත් ප‍්‍රගතිශීලි සන්ධානයෙන් තරග වැදුණා. 

පාලන බලය පිහිටුවීමට නම් කිසියම් කණ්ඩායමක් ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 272ක් ලබාගත යුතුයි. අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රමුඛ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය ආසන 280 සිට 315 දක්වා සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි සමීක්ෂණ වාර්තා 04ක දැක්වෙනවා.

කෙසේවෙතත් එක් සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ ආසන 267ක් දිනා ගනිමින් රාහුල් ගාන්ධි ප‍්‍රමුඛ එක්සත් ප‍්‍රගතිශීලි සන්ධානය ජයග‍්‍රහණය අභියසටම පැමිණෙනු ඇති බවයි.