Saturday, April 27, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ විමර්ශන දිගටම : සැකකරුවන් 89ක් අත්අඩංගුවේ

දිනුක් හේවාවිතාරණ




අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාලව මේ වන විට පුද්ගලයින් 89 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබු පිරිසගෙන් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර ඉතිරි 20 දෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය භාරයේ පසුවන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ. 

මේ වන විට ජන ජීවිතය සාමාන්‍ය අතට පත්ව ඇති බවත් පසුගිය දින දෙක තුලදී වෙසක් පොහොය වෙනුවෙන් ආගමික වතාවත් සිදුකිරීම සදහා ආගමික සිද්ධස්ථාන වෙත හා නගරයන් වෙත පැමිණි ජනතාව දැකීමෙන් එය තහවුරු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.